2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමාවට පත්වීම සහ දෙවන අදියර ආරම්භය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, සිංහල සහ දෙමළ පාසල් සඳහා තෙවන වාරයේ පළමු අදියර අද (07) දිනයෙන් අවසන් වන අතර, මුස්ලිම් පාසල් සඳහා එය සැප්තැම්බර් 02 වන බදාදා දින අවසන් වීමට නියමිතය.දිවයිනේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2026 සැප්තැම්බර් 07 වන සඳුදා දින ආරම්භ වන අතර, එම අදියර 2026 දෙසැම්බර් 04 වන සිකුරාදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.මේ අතර, 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.



























