පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ

මීගමුව – දළුපොත පිහිටි පල්ලන්සේන බන්ධනාගාරය තුළ අද (07) උදෑසන ආරම්භ වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පැනනැගුණු විරෝධතාව පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකි වූ බවයි.​බන්ධනාගාරය තුළ ඇති ඉඩපහසුකම් නොමැතිකම, සනීපාරක්ෂක ගැටලු මෙන්ම තමන්ගේ අධිකරණ නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලමින් රැඳවියන් පිරිසක් විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණි. මීට පෙර පසුගිය මාසයේදී මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව එහි සිටි රැඳවියන් පිරිසක් ද පල්ලන්සේන බන්ධනාගාරයට මාරු කර යවා තිබූ බව සඳහන් වේ.​රැඳවියන්ගේ නොසන්සුන්තාවය තීව්‍ර වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එම ස්ථානයට කැඳවීමට පියවර ගැනුණි.​එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළ අතර, අදාළ සියලු ආරක්ෂක අංශ එක්වූ මෙහෙයුමකින් පසුව බන්ධනාගාරයේ ආරක්ෂාව නැවත තහවුරු කිරීමට සමත් විය.

What's your reaction?

Related Posts

1 of 1,274

Leave A Reply

Your email address will not be published. Required fields are marked *