බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය මේ වන විට මඩකලපුවට කිලෝමීටර් 650ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගත වී තිබේ. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (16) දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ හේතුවෙන් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇත. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර, ඌව, මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























