දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට තද අකුණු අනතුරු ඇඟවීම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් මෙන්ම කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරුවේ නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට අලුයම තෙක් වලංගු වේ.​අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු පාතනය වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.​මෙම වැසි සහිත කාලගුණයත් සමඟ තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බැවින්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *