දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියට බාධා කිරීමට එරෙහිව ‘ජනවරමේ පුරවැසියෝ’ කොළඹදී විරෝධතාවක

වංචා සහ දූෂණවලට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට සිදුවන බව කියන විවිධ බාධාවලට විරෝධය පළ කරමින් “ජනවරමේ පුරවැසියෝ” සංවිධානය විසින් කොළඹදී විරෝධතා පාගමනක් පවත්වා තිබේ. “හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්‍රණ පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.​ආරම්භයේදී කොළඹ කොටුව ප්‍රදේශයට රැස්වූ විරෝධතාකරුවන් අනතුරුව පාගමනින් ගාලුමුවදොර දෙසට ගමන් කර ඇත. මෙම විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමෙන් පසු පිරිස එතැන රැස්ව සිටිමින් සිය විරෝධතාවයේ නිරත වූහ.​දූෂිතයන්ට දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට දරන උත්සාහයන් පරාජය කළ යුතු බව විරෝධතාකරුවන් මෙහිදී අවධාරණය කළහ. පරීක්ෂණ සහ නීතිමය පියවර නිසි ලෙස ඉදිරියට ගෙනයන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,383

Leave A Reply

Your email address will not be published. Required fields are marked *