දෙණියාය, බෙවරලිය ප්රදේශයේ ඇළක දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.නුගේගොඩ ප්රදේශයේ සිට පුද්ගලයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චාරිකාවක් සඳහා මෙම ප්රදේශයට පැමිණ ඇති අතර, අද (07) පස්වරුවේ දිය නාමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.අතුරුදහන් වූ පිරිස සෙවීම සඳහා ප්රදේශවාසීන්ගේද සහාය ඇතිව පොලිසිය මගින් විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර ඇත.



























