2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) නියම කර තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය, නියමිත කාල සීමාවට පෙර සාර්ථකව ඉක්මවා යාමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇත. මේ වන විට රුපියල් බිලියන 2,441.9ක ආදායමක් රැස් කර ගැනීමට ඔවුන් සමත්වී තිබේ.පෙර වසරට සාපේක්ෂව මෙම කාල සීමාව තුළ සියයට 115ක ආදායම් වර්ධනයක් වාර්තා වී ඇති බව වාර්තා වේ. බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව සහ බදු ගෙවීමේලා ජනතාව තුළ ඇති නැඹුරුව මෙම සුවිශේෂී ප්රගතියට ප්රධාන හේතුව වී ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.



























