නාමල්ට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු නඩුව යළි ජනවාරි 18 වැනිදාට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු නඩුවට අදාළව ඉන්දියාවේ පදිංචි සාක්ෂිකරුවන්ට සිතාසි භාර දී ඇත්දැයි තහවුරු කර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය පැමිණිල්ලට නියෝග කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නිකුත් කළ එම සිතාසි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් අදාළ සාක්ෂිකරුවන් වෙත භාර දී ඇත්දැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස මෙහිදී නියම කෙරිණි.​මෙම නඩුව යළි ලබන ජනවාරි මස 18 වැනිදා කැඳවීමට අධිකරණය විසින් දින නියම කර ඇත.​එදිනට නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියහොත්, ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාටද වැඩිදුරටත් නියෝග කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,426

Leave A Reply

Your email address will not be published. Required fields are marked *