පළාත් 4 ක දෙමළ මාධ්‍ය පාසල් සඳහා සඳුදා විශේෂ නිවාඩුවක්

එළඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා (නොවැම්බර් 09) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.​වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ ඉල්ලීමකට අනුව අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මේ පිළිබඳ උපදෙස් ලබාදී ඇත.​කෙසේ වෙතත්, මෙම නිවාඩු දිනය වෙනුවෙන් ආවරණ පන්ති පැවැත්වීම එළඹෙන නොවැම්බර් 14 වන සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල සිදුවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,411

Leave A Reply

Your email address will not be published. Required fields are marked *