ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ (ICAPP) මාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත.දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ICAPP 13 වන Session එක අතරතුර සිදු වූ මෙම පත්වීමත් සමඟ ඉදිරි වසර දෙක සඳහා ඔහු ආචාර්ය සියෝ ජි-යන්ග් මහත්මිය සමඟ එම ධුරය හොබවනු ඇත.රටවල් 36 ක දේශපාලන පක්ෂ 83 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු ලෙස ද අමාත්‍යවරයා කටයුතු කරයි.



























