2026 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් වන දිනයන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල පළමු අදියර හෙට (07) දිනෙන් නිමාවට පත්වේ. කෙසේ වෙතත්, මුස්ලිම් පාසල් සඳහා මෙම වාරය ලබන මස 02 වැනි බදාදා දින දක්වා පැවැත්වෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.දිවයිනේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන මස 07 වැනි සඳුදා දිනයේදීය. මෙම අදියර දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දක්වා තවදුරටත් ඉදිරියට පැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.මේ අතර, 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවද තහවුරු කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා කාලය තුළ විභාග කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත.



























