පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. උපකුලපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.මෙම තීරණයට අනුව, සියලුම පීඨවල පැවැත්වීමට නියමිතව තිබූ දේශන, පරීක්ෂණ මෙන්ම ප්‍රායෝගික පන්ති ඇතුළු සමස්ත අධ්‍යයන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා දමා ඇත. අයහපත් කාලගුණය පහව යන තෙක් මෙම තත්ත්වය බලාත්මක වනු ඇත.මේ අතර, අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමේ තර්ජනයක් සහ නායයෑමේ අවදානමක් මතුව තිබේ. එම හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සරසවි මැදුර නේවාසිකාගාරයේ පහත මාලයේ රැඳී සිටි සිසුන් අද උදෑසන ආරක්ෂිතව ඉන් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.



























