පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත ස්ථාන මාරු කෙරේ!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) හේමාල් ප්‍රශාන්ත මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරී ලෙස ස්ථාන මාරු කර තිබේ.​ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ඔක්තෝබර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.​ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. එම්. සී. පී. හේරත් මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *