රාජ්ය ආදායම් වැඩිදියුණු කිරීම සහ මූල්ය වංචා වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අද (21) මුදල් අමාත්යාංශයේදී අත්සන් තබන ලදී. මේ හරහා දෙපාර්තමේන්තු දෙක අතර රහස් තොරතුරු හුවමාරු කරගනිමින්, බදු පැහැර හරින්නන්ට එරෙහිව ඒකාබද්ධ පරීක්ෂණ ක්රියාත්මක කිරීමට නියමිතය. සංශෝධිත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට අනුව බදු පැහැර හැරීම් සහ සුරාබදු ආඥා පනත යටතේ සිදුවන වැරදි, නීති විරෝධී මූල්ය ක්රියාකාරකම් ලෙස සැලකේ. මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ මගින් බදු විගණන කටයුතු වඩාත් පුළුල් කරමින් රජයට හිමිවිය යුතු ආදායම් නිසි පරිදි එකතු කරගැනීමට අපේක්ෂා කෙරේ.නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගල මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්රේමරත්න මහතා ගිවිසුමට අත්සන් තැබූහ.



























