කළුතර බන්ධනාගාර පරිශ්රයට පිටත සිට නීති විරෝධී ලෙස පාර්සල් කිහිපයක් විසිකිරීමට තැත් කළ පුද්ගලයෙකු වැළැක්වීම සඳහා ආරක්ෂක කුළුණේ සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (21) පස්වරුවේ අහසට අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඇත.නිලධාරීන් ලබා දුන් අණ නොතකා අදාළ පුද්ගලයා පාර්සල් විසි කර පලාගොස් ඇති අතර, ඒ අතුරින් පාර්සල් දෙකක් බන්ධනාගාර භූමිය තුළට වැටී තිබිණි. පසුව නිලධාරීන් විසින් සිදුකළ සෙවීම්වලදී එම පාර්සල් තුළ තිබී ගංජා ඇතුළු මත්ද්රව්ය තොගයක් සොයාගෙන ඇත.සිද්ධියෙන් පසුව පලාගිය සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.



























