බලාගාර බිඳවැටී නැතැයි දැනුම්දීමක් – පස්වරු 6:30 වන විට සැපයුම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අතට

විදුලි බලාගාර කිහිපයක් අක්‍රිය වී ඇති බවට සමාජ මාධ්‍යවල පළ වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික පද්ධති ක්‍රියාකරු නිවේදනය කරයි. පද්ධති ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුව මේ වන විට තාවකාලිකව විසන්ධි කර ඇත්තේ ගල් අඟුරු බලාගාරය පමණක් බව ද වැඩිදුරටත් අවධාරණය කෙරේ.​දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් අද මධ්‍යහ්නයේ සිට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ අනුව මේ වන විටත් විවිධ ප්‍රදේශ කිහිපයකට විදුලිය ලබා දී ඇති අතර, ඉතිරි ප්‍රදේශවල ද කටයුතු ඉක්මනින් අවසන් කිරීමට නියමිතය.​අද පස්වරු 6:30 වන විට මෙරට සමස්ත විදුලි පද්ධතියේ සැපයුම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් කර ගත හැකි වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *