බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක, අතිගෞරවාර්හ කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා බලංගොඩ පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත පුෂ්පකුමාර මහතා සහ බලංගොඩ නගර සභා සභාපති පේෂල නිකලන්ද මහතා ද සහභාගී වී සිටියහ.මෙහිදී අනුශාසනාවක් සිදුකළ මහානායක හිමියන් පෙන්වා දුන්නේ වර්තමානයේ රට තුළ නිර්මාණය වෙමින් පවතින ආගමික ව්යාකූල තත්ත්වයන් රටේ ඉදිරි ගමනට මහත් බාධාවක් වන බවයි. එබැවින් මෙම තත්ත්වය පාලනය කර සාමය ස්ථාපිත කිරීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බව උන්වහන්සේ අමාත්යවරයාට අවධාරණය කළහ.



























