ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අද පෙ.ව. 9.30 ට බදුල්ල සේනානායක පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවට දේශපාලන නායකයින් රැසක් සහ විශාල පිරිසක් එක්වීමට නියමිතය.වත්මන් රජය විසින් ක්රියාත්මක කරන ලද ආර්ථික හා සමාජීය ප්රතිසංස්කරණ, කාන්තා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළවල් සහ ග්රාමීය හා නාගරික කාන්තාවන් මුහුණදෙන ගැටලුවලට ලබාදී ඇති විසඳුම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම සමුළුවේ ප්රධාන අරමුණයි.ප්රාදේශීය මට්ටමින් ජනතා අපේක්ෂාවන් හඳුනාගනිමින් රජයේ ඉදිරි සංවර්ධන හා දේශපාලන ක්රියාවලිය ශක්තිමත් කිරීමටත්, රටේ ඉදිරි ගමන සඳහා කාන්තා ප්රජාවගේ දායකත්වය වැඩිදියුණු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.



























