බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ත්‍රිකුණාමලයට කිලෝමීටර් 600ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව ඇති මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතී.​හෙට (16) උදෑසන වන විට මෙය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව, හෙට රාත්‍රියේදී හෝ නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයේ වැඩිවීමක් ද ඇති විය හැකිය.​තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව ‘රතු’ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දෙයි. එමෙන්ම ගිනිකොනදිග බෙංගාල බොක්කේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා ඇතුළු දැනට මුහුදේ සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන කරා පැමිණිය යුතු බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,424

Leave A Reply

Your email address will not be published. Required fields are marked *