උඩුදුම්බර, කරඹකැටිය ප්රදේශයේ ගල්ගුහාවක් තුළ ජීවත් වෙමින් සිටියදී දරු ප්රසූතියක් සිදු කළ 15 හැවිරිදි දැරියගේ දරුවාගේ පියා බවට සැකකෙරෙන 23 හැවිරිදි තරුණයාට ඇප හිමිව තිබේ.අත්අඩංගුවට ගත් අදාළ සැකකරු අද (15) තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුගේ ඥාතියෙකු බව කියන 36 හැවිරිදි පුද්ගලයෙකු නොවැම්බර් 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්රාත්වරයා නියම කර ඇත.



























