මහර බන්ධනාගාර දේපළ හානිය තක්සේරු කිරීමට පංච පුද්ගල කමිටුවක්

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර සිදුවූ දේපළ හානි පිළිබඳව නිවැරදිව ගණනය කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කළ බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා ප්‍රකාශ කරයි. අදාළ හානි තක්සේරු කර බන්ධනාගාරයේ නොපමාව ප්‍රතිසංස්කරණය කළ යුතු කොටස් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වේ.​පසුගිය සෙනසුරාදා ඇතිවූ මෙම නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය, බන්ධනාගාර රෝහල, අමුත්තන් හමුවන ස්ථානය, පුනරුත්ථාපන හා කර්මාන්ත අංශ මෙන්ම මුළුතැන්ගෙය ඇතුළු පරිපාලන ගොඩනැගිලි රැසකට පහරදී ගිනි තබා ඇත. මේ හේතුවෙන් රුපියල් කෝටි ගණනක අතිවිශාල දේපළ හානියක් සිදුව තිබේ.​මේ අතර, මහර බන්ධනාගාරය තුළ සිදුවූ සමස්ත සිදුවීම සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත වෙනත් විශේෂ කමිටුවක් ද පත්කර ඇති අතර, එම කමිටුව විසින් මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,272

Leave A Reply

Your email address will not be published. Required fields are marked *