ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග, ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ නවතම පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.මෑතකදී නිමාවට පත් වූ 23 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75 ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය. එම දක්ෂතා මත පදනම්ව ලකුණු 1354 ක් රැස් කර ගැනීමට ඔහුට හැකි විය.මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් සටහන් කිරීමට රුමේෂ් තරංග සමත්ව ඇත. එය රටම ආඩම්බරයට පත් කළ සුවිශේෂී සන්ධිස්ථානයකි.



























