මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වීරකැටිය වකමුල්ල ප්‍රදේශයේදීයි.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.

ඉකුත් 18 වැනි දා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් අරුණ විදානගමගේ නැමැත්තෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා මියගියහ.

පොලීසිය පැවසුවේ, එම අපරාධය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති ඇති බවයි. 

What's your reaction?

Related Posts

1 of 1,235

Leave A Reply

Your email address will not be published. Required fields are marked *