හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් පියවර ගෙන තිබේ. අද (24) පෙරවරුවේ ඔවුන්ගේ පෞද්ගලික නිවස වෙත පැමිණි විමර්ශන නිලධාරීන් මෙම කරුණු විමසීම සිදු කර ඇති බව වාර්තා වේ.මෙම ප්‍රකාශය ලබා ගැනීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දැනට විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව සිදු කෙරෙන වැඩිදුර විමර්ශනවල කොටසක් වශයෙනි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ගෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා CID නිලධාරීන් මෙලෙස ඇයගේ සාක්ෂි සටහන් කරගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

























