රටේ රාජ්‍ය සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයන්හි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් අලුතින් ස්ථාපිත කළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය අද (04) දින විවෘත කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ විශේෂ විධානයකට අනුව පසුගිය ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම කොමිසම විධිමත් ලෙස පිහිටුවනු ලැබීය.රාජ්‍ය සේවකයන් මුහුණපා සිටින වැටුප් හා විශ්‍රාම වැටුප් ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් සෙවීම මෙම කොමිසමේ මූලික වගකීම වේ. මීට අමතරව, නවීන තාක්ෂණික සහ ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි රාජ්‍ය සේවය ව්‍යුහාත්මකව ප්‍රතිසංස්කරණය කිරීම සහ සේවක වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමද මේ හරහා සිදු කෙරේ.මෙම අරමුණු සාර්ථක කර ගැනීම සඳහා වෘත්තීය සමිති, විවිධ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව වෙතින් ද අදහස් සහ යෝජනා ලබාගැනීමේ ක්‍රියාවලිය අද දින සිට නිල වශයෙන් ආරම්භ වන බව වාර්තා වේ.



























