ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂයමාලා

එළඹෙන වසරේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂයමාලාවන් හඳුන්වා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. බදුල්ලේදී පැවැති කාන්තා සමුළුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, වත්මන් වසරේදී පළමු ශ්‍රේණිය සඳහා ද නව විෂයමාලාවක් ක්‍රියාත්මක කළ බවයි.​දරුවන් විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයකට පමණක් සීමා නොකර, අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි අධ්‍යාපන පද්ධතිය සකස් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සියලු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන අයුරින් මෙම නව පටිපාටිය සකස් කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.​මේ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 20 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. ලබන වසරේ පෙබරවාරි වන විට පද්ධතියට ගුරුවරුන් 30,000ක් එකතු කරගැනීමටත්, විශ්වවිද්‍යාල සඳහා ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීමටත් සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *