නොරොච්චෝලේ බලාගාරයේ ඒකක තුනම තවමත් අක්‍රිය මට්ටමේ

දිවයින පුරා ඊයේ හදිසියේ සිදු වූ විදුලිය ඇණහිටීමත් සමඟ අක්‍රිය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පද්ධති මෙතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බව පාලනාධිකාරිය සඳහන් කරයි. මෙලෙස බලාගාරයේ ඒකක තුනම ක්‍රියා විරහිත වී පැවතීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ජාතික විදුලි බල පද්ධතියට බලපෑම් එල්ල විය හැකි බවට විෂය භාර විශේෂඥයෝ පෙන්වා දෙති.​ඊයේ සිදුවූ මෙම ඇණහිටීම නිසා දිවයිනේ ප්‍රදේශ රැසක පැය 7කට ආසන්න කාලයක් විදුලි සැපයුම නතර වී තිබූ අතර, ඊයේ රාත්‍රී කාලය වන විට එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැනිණි. ඉහළ කොත්මලේ බලාගාරයේ ඇති වූ දෝෂයක් මෙයට හේතු වන්නට ඇතැයි විදුලිබල අමාත්‍යවරයා සඳහන් කළ ද, බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.​මෙම හදිසි තත්ත්වය හේතුවෙන් මහජනතාවගේ දෛනික කටයුතුවලට මෙන්ම ව්‍යාපාරික කටයුතුවලට ද බාධා සිදු වූ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබාගැනීමේ පෝලිම් ද දක්නට ලැබිණි. කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට ගතවන කාලය පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.

What's your reaction?

Related Posts

1 of 1,384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *