ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන වප් පුර පසළොස්වක පෝය දිනය අදට (25) යෙදී තිබේ. පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම ඇතුළු සුවිශේෂී ආගමික චාරිත්ර රැසක් අද දින සිදු කෙරෙන අතර, මෙරට බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සිදුකරන කඨින චීවර පූජා පින්කම් සමය ද අදින් ආරම්භ වේ.වස් කාලය යනු වර්ෂා අධික සමය වන අතර, එකල මහණ බමුණන් සතුන්ගේ ජීවිත ආරක්ෂා කරගනිමින් ගමන් බිමන්වලින් වැළකී සිටීමේ සිරිතක් පැවැතිණි. භික්ෂූන් වහන්සේලාට ද වර්ෂා කාලයේ පිඬුසිඟා වැඩීම සහ ධර්ම ප්රචාරය දුෂ්කර වූ බැවින්, වස් සමයේ එක් ස්ථානයක වැඩවාසය කරන ලෙස බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. වසරකට එක් පන්සලකදී පිරිනැමිය හැක්කේ එක් කඨින චීවරයක් පමණක් වන බැවින් බෞද්ධයෝ මෙම පූජාව අතිමහත් ආනිශංසදායක පින්කමක් ලෙස සලකති.මීට අමතරව, සැරියුත් මහා රහතන් වහන්සේ ප්රඥාලාභී භික්ෂූන් අතුරින් අග්රස්ථානය ලැබීම, මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්රථම විනය සංගායනාව පැවැත්වීම මෙන්ම ජය ශ්රී මහා බෝධීන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ලක්දිවට වැඩම කරවීමට අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස පිටත් කර හැරීම ද අද වැනි පෝය දිනක සිදුවූ විශේෂ සිදුවීම් වේ.



























