වෙසක් සතිය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය තාවකාලිකව නවතී

එළඹෙන මැයි 29 වන සිකුරාදා දින පැවැත්වීමට නියමිතව තිබූ ‘පොලිස්පති මහජන සහන දිනය’ අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙවර වෙසක් සතිය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. සාමාන්‍යයෙන් සෑම සතියකම සිකුරාදා දිනවල පොලිස් මූලස්ථානයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.​මේ හේතුවෙන් එළඹෙන 2026.05.29 වන දින තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා කොළඹ පිහිටි පොලිස් මූලස්ථානය වෙත පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වෙසක් උත්සව සමයෙන් පසු නැවතත් සුපුරුදු පරිදි මෙම මහජන සහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,159

Leave A Reply

Your email address will not be published. Required fields are marked *