ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 05 වෙනිදා මැදියම් රැයෙන් පසු තහනම්

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන අගෝස්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම තහනම් නියෝගය විභාගය අවසන් වන තෙක් දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර, අදාළ කාල සීමාව තුළ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා විවිධ ක්‍රම මඟින් බෙදාහැරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.​එමෙන්ම, විභාග ප්‍රශ්න පත්‍ර සඳහා සෘජුවම ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ඇතුළත් වන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ එවැනි ද්‍රව්‍ය සතුව තබා ගැනීමද නීතිවිරෝධී වන බව බලධාරීන් පෙන්වා දෙයි.​මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වන දින දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *