පසුගියදා පැවැත්වූ පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කිරීමට ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අද (17) දින සිට මෙම ප්රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.ඒ අනුව, අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස, තම විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්රතිඵල නරඹන ලෙස උපදෙස් දී ඇත.මෙම ප්රතිඵල සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් හෝ විමසීමක් අවශ්ය වන්නේ නම්, පාසල් විභාග සංවිධාන හා ප්රතිඵල ශාඛාවේ 0112784208, 0112784537 හෝ 0112785922 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැක.



























