හිටපු කථානායකවරයෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ මහතාගේභාර්යාව වන චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආදරණීය මව ද වන අතර, ඇය මිය යන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.දිවංගත චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මියගේ අභාවය පිළිබඳව පවුලේ නෑදෑ හිතවතුන් මෙන්ම දේශපාලන ක්ෂේත්රයේ ප්‍රභූවරුන් රැසක් සිය සාවේගය පළ කරමින් සිටිති. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සහ ස්ථානය පිළිබඳ තොරතුරු ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතව ඇත.



























