අධික වැසි නිසා මාවුස්සාකැලේ සහ අසල්වැසි ජලාශ වාන් දමයි

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු අඟල් 3 බැගින් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇත. අඛණ්ඩ වැසි තත්ත්වය සමඟ මාවුස්සාකැලේ වාන් දොරටු විවෘත වීමත් සමඟ පහළ ප්‍රදේශවල පිහිටි කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු ද මේ වන විට විවෘත කර තිබේ.​මීට අමතරව, කාසල්රි ජලාශය ද මේ වන විට පිටාර මට්ටමට ආසන්න වී ඇති බැවින්, පවතින තත්ත්වය මත කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට අනතුරු අඟවා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *