ත්‍රිකුණාමලයේ සිදුවූ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු දික්වැල්ලේදී අත්අඩංගුවට

පසුගිය නොවැම්බර් 02 වනදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බලකා (STF) මාතර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​ලද ක්ෂණික තොරතුරකට අනුව දික්වැල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටලණයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු උරුගමුව – වැහැල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.​අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සහ නීතිමය පියවර ගැනීම සඳහා ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 1,411

Leave A Reply

Your email address will not be published. Required fields are marked *