ඉන්දුනීසියාවේ මලුකු පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබේ.මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි. අදාළ ජාතික සහ ජාත්‍යන්තර ආයතන සමඟ සිදුකළ තහවුරු කිරීම්වලින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.ඒ අනුව දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටී.



























