මාතර වල්ගම ප්‍රදේශයේ සිදුවූ ආරවුලකින් යුධ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට

මාතර පොලිස් වසමේ වල්ගම උතුර ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පහරදීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි යුධ හමුදා නිලධාරියෙකු බව පොලීසිය තහවුරු කර ඇත.​අද (17) අළුයම් කාලයේදී මියගිය නිලධාරියා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම මෙම ඝාතනයට හේතු වී තිබේ. එහිදී වැඩිමහල් සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.​සිද්ධියට සම්බන්ධ සැකකාර සහෝදරයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධය සම්බන්ධයෙන් මාතර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

What's your reaction?

Related Posts

1 of 1,426

Leave A Reply

Your email address will not be published. Required fields are marked *