ඉරානය සමඟ නව සාකච්ඡා ලබන සඳුදා (10) ආරම්භ වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. දෙපාර්ශ්වය අතර ගිවිසුමක් ඇති කර ගැනීම තම ප්‍රමුඛ අරමුණ බව සඳහන් කර ඇති ඔහු, යුද ක්‍රියාමාර්ගයකට වඩා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වෙත යොමුවීම වඩාත් යෝග්‍ය බව අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, අදාළ ගිවිසුම අවසන් කළ යුතු නිශ්චිත කාලසීමාවක් තමන් විසින් නියම නොකරන බවද හෙතෙම පෙන්වා දී තිබේ.මෙම නවතම ප්‍රකාශය නිකුත් වන්නේ ඉරානයට එරෙහිව විශාල හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සලකා බැලූ බවට මීට පෙර වාර්තා පළ වූ පසුබිමක් තුළය. කලාපීය රාජ්‍යයන්ගේ ඉල්ලීම් සහ ඉදිරියේදී සාර්ථක ගිවිසුමකට පැමිණිය හැකි බවට පවතින අපේක්ෂාව හේතුවෙන් එම ප්‍රහාරක තීරණය අත්හිටුවීමට පියවර ගත් බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.මේ අතර, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ටෙහෙරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා වාර්තා කරයි. ඒ අනුව, දෙපාර්ශ්වය අතර පවතින දේශපාලන ආතතිය තවදුරටත් එලෙසම පවතින බව පෙනෙන්නට තිබේ.



























