රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900කට ආසන්න මුදලක් වැය වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 900කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.​සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ හතරකට අයත් පුද්ගලයින් 223 දෙනෙකු සඳහා නව පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.​රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා ඇතුළු මෙම සියලුම වියදම් පියවා ගනු ලබන්නේ මහජනතාවගෙන් අය කරනු ලබන බදු ආදායමෙන් බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,424

Leave A Reply

Your email address will not be published. Required fields are marked *