රුපියල් පනස් නව ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතික ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අවුරුදු 40ක් වන මෙම සැකකරු චීනයෙන් මිලදී ගත් අදාළ භාණ්ඩ රැගෙන රේගු පරීක්ෂාවලින් මඟහැරීම සඳහා චෙන්නායි නුවර හරහා ඉන්ඩිගෝ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත. ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී ඔහුගේ ගමන් මලු පරීක්ෂා කර ඇති අතර, එහි තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 39,400ක් අඩංගු කාටූන් 197ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා මේ වන විට රේගු භාරයේ රඳවාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතී.



























