දේශපාලන ක්ෂේත්රය තුළ නියෝජනය වන මැති ඇමැතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට සක්‍රීයව දේශපාලනයේ යෙදිය හැකි වයස් සීමාව සහ උපරිම කාලරාමුව සීමා කිරීමට අදාළ විශේෂ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සඳහා රජය විසින් අභ්‍යන්තර සාකච්ඡා අරඹා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.යෝජිත නව නීති රාමුව යටතේ ජනාධිපති, අග්‍රාමාත්‍ය මෙන්ම කැබිනට් අමාත්‍ය ධුර දැරිය හැකි වාර ගණන සහ ඊට අදාළ උපරිම වයස් සීමාවන් ව්‍යවස්ථාපිතව තීරණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට අමතරව, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වීමේදී ද අපේක්ෂකයන් සඳහා වයස් සීමාවන් සහ සේවා වාර සීමා පැනවීමට නියමිතය.දේශපාලන පද්ධතිය නවීකරණය කිරීම සහ තරුණ ප්‍රජාවට රටේ පාලන තන්ත්රය තුළ වැඩි ඉඩකඩක් හා අවස්ථාවක් නිර්මාණය කර දීම මෙම නව ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



























