දිවයිනටම වැසි සහිත කාලගුණයක්

ශ්‍රී ලංකාව ආසන්නයේ නිර්මාණය වූ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වයත් සමඟ අද සහ හෙට (23) දිනවල දිවයින පුරා මෙන්ම ඒ අවට මුහුදු ප්‍රදේශවලද වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.​විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මෙහිදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අංශ පෙන්වා දෙයි.​ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු හා අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *