ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතයෙන් ගනුදෙනු කිරීම නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ක්‍රිප්ටෝ මුදල් හරහා මුදල් ආයෝජනය කිරීම තුළින් පුද්ගලයින් වංචාවලට හසුව ඇති අතර මුදල් අහිමි වී පාඩු සිදුවී ඇති බවයි.

එමෙන්ම තවමත් ක්‍රිප්ටෝ මුදල් ඒකකය ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් භාවිත වන බවක් දක්නට නොලැබෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් මේ වන විට මහ බැංකුවේ අදාළ අංශ අධ්‍යයනය කරමින් සිටින බවයි.

What's your reaction?

Related Posts

1 of 1,132

Leave A Reply

Your email address will not be published. Required fields are marked *