සැප්තැම්බර් 14 සිට දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

ඉදිරියේදී මතුවිය හැකි ඩෙංගු අවදානම් තත්ත්වයන් පාලනය කිරීමේ අපේක්ෂාවෙන්, සැප්තැම්බර් 14 වැනි දින සිට 19 වැනි දින දක්වා විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික ගමගේ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.​දේශගුණික විපර්යාස සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා මෙම පූර්ව සූදානම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ අනුව, වැඩි අවදානමක් පවතින බවට හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 62ක් මූලික කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.​මෙම වැඩසටහනේ කටයුතු සම්බන්ධීකරණය සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්ද පිහිටුවා ඇති අතර, මහජනතාවට තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු හෝ තොරතුරු සෘජුවම එම මධ්‍යස්ථානය වෙත දැන්වීමට අවස්ථාව සලසා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *