ජාතික ස්වභාවික උරුමයක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්යය අනාවරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් විපක්ෂය විසින් යෝජනාවක් කථානායකවරයා වෙත භාරදීමට නියමිතය. ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් අදාළ යෝජනාව සඳහා මේ වන විටත් අත්සන් තබා තිබේ.මෙම වනජීවී අභිරහස් මරණය පිටුපස ඇති සත්යය හෙළිදරව් කර ගැනීම මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වී ඇත. එමෙන්ම, සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සිය රාජකාරී වගකීම් නිසි ලෙස ඉටු කර තිබේද යන්න පුළුල් ලෙස පරීක්ෂා කර බැලීම ද මෙහි අපේක්ෂාවයි.මෙම කමිටු පත් කිරීම හරහා අදාළ ඇතාගේ මරණයට යුක්තිය ඉටු වන බවට විපක්ෂය විශ්වාසය පළ කරයි. ඉදිරියේදී පාර්ලිමේන්තු මට්ටමින් මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



























