වියළි කාලගුණයෙන් හානි වූ කුඹුරුවලට වන්දි ගෙවීමට පියවර

වියළි කාලගුණය නිසා ජල හිඟයට මුහුණ දී වගා හානි සිදුවූ වියළි කලාපයේ කුඹුරු සඳහා කඩිනමින් වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර ඇත. අනුරාධපුරය, පොලොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය දැඩි ලෙස බලපා ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ හානි පූර්ණයන් ත්වරණය කරන ලෙස ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කරයි. මේ වන විටත් නිලධාරීන් මගින් වගා හානි තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.​වගා හානියට පත් ගොවීන්ට ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්, ගොවිජන රක්ෂණ නිලධාරීන් හමුවී හෝ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පිහිටුවා ඇති පොතෙහි සටහන් තැබීමෙන් හානිය දැනුම් දිය හැකිය. එමෙන්ම 1918 කෙටි අංකය ඇමතීමෙන් ද මේ පිළිබඳව අවශ්‍ය උපදෙස් සහ තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.​මේ අතර පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්වැව, නිකවැව, එළබටුවැව ඇතුළු වැව් රැසක් සිඳී යාමෙන් අක්කර සිය ගණනක වී වගාවන් විනාශ වී ඇති බව වාර්තා වේ. පිදීමට ආසන්නව තිබූ ගොයම් විනාශ වීම නිසා ගොවීන් වැව් පතුලේ ලිං හාරමින් වගාවට ජලය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බවද දැකගත හැක.

What's your reaction?

Related Posts

1 of 1,272

Leave A Reply

Your email address will not be published. Required fields are marked *