කොළඹ ග්‍රීන් පාත් පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) පැවැත්වීමට නියමිත “SRI LANKA SKILLS EXPO 2026” ප්‍රදර්ශනය හේතුවෙන් අද (21) රාත්‍රී 10.00 සිට ලබන 25 වනදා රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. ඒ අනුව පුස්තකාල වටරවුමේ සිට හෝර්ටන් වටරවුම දක්වා කොළඹින් පිටවන මංතීරුව සම්පූර්ණයෙන්ම වසා තැබේ.​මෙම මාර්ග වසා තැබීම නිසා ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසල් කිහිපයක ගමනාගමනයට සහ සන්ධ්‍යා කාලයේ නගරයෙන් පිටවන වාහන තදබදයට බලපෑම් එල්ල විය හැක. මේ සඳහා පුස්තකාල වටරවුම, මාර්කස් ප්‍රනාන්දු මාවත සහ ධර්මපාල මාවත ඔස්සේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පොලිස් උපදෙස් පිළිපදින ලෙසත් රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,388

Leave A Reply

Your email address will not be published. Required fields are marked *