කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය BMICH හිදී ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ විය.​අද (25) සිට ඔක්තෝබර් 04 වනදා දක්වා දින 10ක් පුරා ක්‍රියාත්මක වන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙ.ව. 9:00 සිට රාත්‍රී 9:00 දක්වා පාඨක ජනතාව වෙනුවෙන් විවෘතව පවතියි. ප්‍රදර්ශන භූමිය තුළ කුටි 400කට අධික ප්‍රමාණයක් ඉදිවී ඇති අතර, දේශීය හා විදේශීය ග්‍රන්ථ විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව උදා වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *