කොළඹ – රත්නපුර ප්රධාන මාර්ගයේ අවිස්සාවේල්ල, මාදොළ ප්රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.අද (08) සිදුවූ මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක ගමනාගමන කටයුතු තාවකාලිකව ඇණහිට ඇති බව වාර්තා වේ.ප්රදේශවාසීන් එක්ව මාර්ගයට වැටී ඇති ගස ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමු කරන ලෙස දැනුම් දෙයි.



























