දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාවට සුළු ගංවතුර තත්ත්වයක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​ඒ අනුව, දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් මෙන්ම දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ආශ්‍රිත ප්‍රදේශ ද මෙම අවදානමට ලක්විය හැක.​පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ගංගාවන්හි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බැවින්, පහත්බිම්වල පදිංචිකරුවන්, මංමාවත් භාවිත කරන්නන් සහ ගංගා ආශ්‍රිතව ගැවසෙන සියලුම දෙනා දැඩි විමසිල්ලෙන් හා සැලකිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,268

Leave A Reply

Your email address will not be published. Required fields are marked *