ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ධුරය සඳහා ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබේ. ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවති ICC අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී අධ්යක්ෂවරුන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුව මෙම පත්වීම සිදුව ඇත. ඒ අනුව, ඉදිරි කාල සීමාව තුළ ද ඔහු ලෝක ක්‍රිකට් බලතල මෙහෙයවමින් එම ධුරයේ කටයුතු කරනු ඇත.තම යළි පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේ ෂා මහතා ප්‍රකාශ කර ඇත්තේ, ICC අධ්යක්ෂ මණ්ඩලය තමන් කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසයට සිය බලවත් කෘතඥතාව පුද කරන බවයි. ඉදිරි අභියෝග හා සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සියලු දරණ උත්සාහයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කර ඇත.විශේෂයෙන්ම 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් වීම ලොව පුරා නව ප්‍රේක්ෂක පිරිසක් ක්‍රිකට් වෙත ආකර්ෂණය කර ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය වෙනුවෙන් මෙම පියවර ඉතා වැදගත් වන බව ද ඔහු අවධාරණය කර ඇත.



























